පිටරට ඉඳන් එන ලාංකිකයන්ට දේශීය රියදුරු බලපත්‍රය කටුනායකදීම

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්, නැවත මෙරටට පැමිණීමෙන් පසු අදාළ අවසර පත්‍රය (බෝඩින් පාස්) සහ ඔවුන් විදෙස් රටවලදී භාවිතා කළ රියදුරු බලපත්‍රය කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ඇති කවුන්ටරයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට මෙරට තුළ භාවිතය සඳහා දේශීය රියදුරු බලපත්‍රය ලබා දීමේ ක්‍රමව්වේදය, ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා.

අද (19) පාර්ලිමේන්තු සභාවාරයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මීට පෙර පැවති ක්‍රමවේදය අනුව මෙරටට පැමිණීමෙන් පසු වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කාර්යාලය වෙත ගොස් සිය දේශීය රියදුරු බලපත්‍රය ලබා ගැනීම සිදු වූ අතර මෙම නව ක්‍රමවේදය හරහා විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම කාර්යක්ෂම කර ගත හැකි වන බවයි අමත්‍යවරයා පවසා සිටියේ.

”බෝඩින් පාස් එක ඉදිරිපත් කරාට පස්සේ එයාට ද්රිවින් කයිශ්න් එක්ක තියෙනව නම් පිටරට කටුනායක දී එයාටා පුළුවන් ලයිශාන් එක එතැනින් ගන්න, වේරහැර ඇවිල්ලා කාලේ කන්න ඕනේ නැහැ. ඒක තමයි නත්තලට දෙන තෑග්ග විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට.” යැයි අමාත්‍යවරයා පවසනු ලැබුවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
0
+1
5
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?