ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ මුල් පුරුකක් දිවි ගමනට සමුදෙයි

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලන්ඩනයේ දී අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 83 වන වියේ පසු වුණා.

ඩී.එස්. ද සිල්වා මහතා 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ඊට පෙර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු රැසක් දරණු ලැබුවා.

ඩී.එස්. ද සිල්වා මහතා ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා තිබෙනවා.

වමතින් පා දඟ පන්දු යවන්නෙකු සහ දක්ෂ පසු පෙළ පිතිකරුවකු වන ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 12කට සහ එක්දින තරඟ 41කට සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
1
+1
0
+1
52
+1
7
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?