මනුෂ්‍ය ඝාතන කිහිපයට සූදානමින් T56ක් තියාගෙන සිටි අයෙක් අල්ලයි

ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වෙත ලද තොරතුරකට අනුව එම සැකකරු ඊයේ (14) බටපොල, සාදමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසින් 02ක් සහ පතොරොම් 45ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බටපොල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 64ක් වන නාමල් සෙවණ, සාදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවටත් මෙම ගිනි අවිය උපයෝගී කර ගෙන මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකිරීම සඳහා සූදානමින් සිට ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?