මනුෂ්‍ය ඝාතන කිහිපයට සූදානමින් T56ක් තියාගෙන සිටි අයෙක් අල්ලයි

ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වෙත ලද තොරතුරකට අනුව එම සැකකරු ඊයේ (14) බටපොල, සාදමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසින් 02ක් සහ පතොරොම් 45ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බටපොල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 64ක් වන නාමල් සෙවණ, සාදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවටත් මෙම ගිනි අවිය උපයෝගී කර ගෙන මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකිරීම සඳහා සූදානමින් සිට ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15