ගිනිගත්හේන නගරය ලොකු අවදානමක! ගොඩනැල්ලක වීදුරු එකවරම කඩා වැටෙයි

ගිනිගත්හේන නගරයේ සුපිරි වෙලදසැලක ඉදිරිපස විදුලි කිහිපයක් එක වරම කැඩි යාම සම්බන්ධයෙන් වහාම සොය බලන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනට අද (05) දින දැනුම් දුන් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

අද (05) දින උදැසන 10 ට පමණ වසා දමා තිබු එම සුපිරි වෙලදසැලේ ඉදිරිපස විදුරු කිහිපයක් එකවරම කැඩිගොස් ඇති බවත්, එම ගොඩනැගිල්ල සහිත ප්‍රදේශය මිට ප්‍රථම නායයාමේ අවධානමක් සහිත ස්ථානයක් බවට හදුනාගෙන තිබු බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා කියා සිටින්නේය.

සුපිරි වෙලදසැලේ ඉදිරිපස විදුරු එකවරම කැඩියාම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අද (05) දින නිරික්ෂණය කරනු ලැබුහ.

එම නිරික්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වු නුවරඑලිය අපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා කියා සිටියේ ඊයේ (04) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයට මිලිමිටර් 121 වර්ෂාපතනයක් වාර්තා වු බවයි.

පවතින අධික වර්ෂාවත් සමග නායයාමේ අවධානමක් පැවතිය හොත් එම ස්ථාන වලින් වහාම ඉවත් වන ලෙසට සහකාර අධ්‍යක්ෂකවරයා නුවරඑලිය ජනතාවගෙන් ඉල්ලා සිටියි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56