ගිනි කෙළි නිෂ්පාදන ආයතනයක පිපිරීමකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනි කෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි පිපිරීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් අදාළ පුද්ගලයා බරපතල තුවාල ලබා ඇති අතර ඔහුව මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 20 ක් වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ඉහත ගිනිකෙළි නිෂ්පාදන ආයනයේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එහි එළිමහන් මඩුවක් තුළ දී මෙම පිපිරීම සිදුවී ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?