මධ්‍යම පළාත ඇතුළු පළාත් කිහිපයකට ඉදිරියේ දී වැසි

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය මේ වන විට ස්ථාපිත වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා අද (09) පස්වරු 04,00ට නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව උතුරු, උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.

ඒ අතරින් උතුරු, උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවෙදනේ සඳහන් වන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බවට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද - කොටුව උසාවිය ඉදිරිපිට නවතම දර්ශන
01:47
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් ලබාදුන්න ජන වරම දැන් අවසන්වෙලා තියෙන්නේ..සංජීවගෙන් ආණ්ඩුවට සැර කතාවක්
03:42
Video thumbnail
අසූචි නාවපු සිද්ධියේ හිටපු සෙට් එකගේ සියල්ල සුගීෂ්වර හෙළිකරයි..එක්කෙනෙක්වත් ගම් වාසීන් නෑ..මැරයෝ මේ
08:09
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:06
Video thumbnail
විපක්ෂයට ටිල්වින්ගෙන් සැර සත්තමක්..මන්ද මානසික කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නේ
06:29
Video thumbnail
වාහන පර්මිට් සංස්කෘතිය අපි වෙනස් කළා..රාජ්‍ය ආණ්ඩු මට්ටමෙන් වුණ වංචා අපි නතර කළා
02:43
Video thumbnail
NPP එකෙන් මේ සැරේ දැවැන්ත මැයි රැලි 21ක් කරනවා..මැයි රැලි ඉතිහාසයේ වාර්තාවක් වෙයි
03:49
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු
01:07