‘දිට්වා’ නිසා අහිමි වූ ජීවිත ගණන තවත් ඉහළ යයි

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශය හේතුවෙන් දිවයින පුරා වාර්තා වූ මරණ සංඛ්‍යාව 618 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඊට අමතරව තවත් පුද්ගලයින් 209 දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙම ව්‍යසනයෙන් පුද්ගලයින් 2,078,436ක් පීඩාවට පත්ව සිටින අතර, ආරක්‍ෂිත මධ්‍යස්ථානවල පවුල් 29,874 කට අයත් පුද්ගලයින් 100,124 දෙනෙකු රඳවා සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආරක්ෂිත මධ්‍යස්ථාන 990ක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදේශීය සහන කණ්ඩායම් සහ තවත් බොහෝ පිරිසක් මේ වෙනුවෙන් කැපවී කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?