‘දිට්වා’ නිසා අහිමි වූ ජීවිත ගණන තවත් ඉහළ යයි

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශය හේතුවෙන් දිවයින පුරා වාර්තා වූ මරණ සංඛ්‍යාව 618 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඊට අමතරව තවත් පුද්ගලයින් 209 දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙම ව්‍යසනයෙන් පුද්ගලයින් 2,078,436ක් පීඩාවට පත්ව සිටින අතර, ආරක්‍ෂිත මධ්‍යස්ථානවල පවුල් 29,874 කට අයත් පුද්ගලයින් 100,124 දෙනෙකු රඳවා සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආරක්ෂිත මධ්‍යස්ථාන 990ක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදේශීය සහන කණ්ඩායම් සහ තවත් බොහෝ පිරිසක් මේ වෙනුවෙන් කැපවී කටයුතු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39