අවතැන් කඳවුරේ සිටින ජනතාව වෙත ගිය ජනපති අනුර

ආපදාවෙන් විපතට පත් ජනතාව රැදී සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානය වෙත අද (06) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා එම ජනතාව සමග කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසා බැලුවා.

මෙහිදී එම ජනතාව තමන්ගේ ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර පදිංචිය සඳහා වෙනත් ස්ථානවල ඉඩම් ලබා දෙන ලෙසද එම ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

අවතැන් වු ජනතාව යළි පදිංචි කිරීම් සහ වන්දි ලබාදීමට අදාළව රජය ගෙන තිබෙන තීරණ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ඔවුන් දැනුවත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?