රජයේ නිලධාරීන්ට වැටුප් රහිත දේශීය හා විදේශීය නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පසුගිය නොවැම්බර් මස 24 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගනු ලැබූ බවයි එම අමාතංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සඳහන් කරන්නේ.
ඊට අදාළ චක්‍රලේඛය ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ විසින්, ලේකම්වරයාගේ අත්සනින් යුතුව මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ,අනුව නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බවයි අමාත්‍යාංශ ලේකම්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

















