දිවයිනට බලපෑ ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදු වූ ජීවිත හානි සහ මහා විනාශය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.
පුටින් ජනාධිපතිවරයා ශෝකය පළ කරමින් පවසා ඇත්තේ, මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී රුසියාව ශ්‍රී ලංකාව සමඟ සිටින බවයි.
මියගිය අයගේ පවුල්වලට සහ ආදරණීයයන්ට සිය ශෝකය සහ සහයෝගය ලබාදෙන බවත්, තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වාභාවික විපතකින් පසුව ශ්‍රී ලංකාව මහා පරිමාණ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන අතරතුර රුසියානු ජනාධිපතිවරයා සිය පණිවුඩය මෙලෙස යොමුකර තිබෙනවා.





