තවත් කොරෝනා ප්‍රභේදයක් රට තුල පැතිරෙන්නේ දැයි පරීක්ෂණයක්

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ලබා ගත් ජෛව සාමිපල 96 ක් උපයෝගි කරගනිමින් කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳ පරික්ෂණ ක්‍රියාත්මක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදි ඔහු කියා සිටියේ ඉදිරි සති දෙක තුන තුළ අදාළ වාර්තාව සෞඛය අමාත්‍යංශයට ලබා දෙන බවයි.

එමෙන්ම චීනයේ නිෂ්පාදිත කොවිලෝ හෙවත් සයිනෝෆාම් එන්නතේ ප්‍රතිශක්තිකරණය පිලිබඳ පරික්ෂණ වාර්තාව ද  දින 10 ක් තුළ රජයට භාර දිමට සුදානම් බව අචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

එසේම, රෝහල්වල සායන සඳහා සහභාගි වන රෝගීන්ගේ ඖෂධ නිවසට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වාදී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ 0720 720720 සහ 0720 606060 යන දුරකථන අමතා තැපැල් මගින් සිය ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි බවයි.

එසේම, රජයේ රෝහල් වල සායන වල ලියාපදිංචි රෝගීන් මෙම වැඩපිළිවෙල සඳහා තම ස්ථිර ලිපිනය ලබාදිය යුතුයි. එමෙන්ම, සායන සඳහා ලියාපදිංචි වී ඇති ලිපිනය ස්ථිර ලිපිනය නොවේ නම් ඒ පිළිබඳව රෝහල දැනුවත් කර තොරතුරු යාවත්කාලීන කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.   

එමෙන්ම සෞඛ්‍ය සේවකයින් පිරිසක් සත්‍යග්‍රහයක නියැලෙන කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඊයේ රාත්‍රියේදී එහි අට්ටාලය ගලවා ඉවත් කර තිබෙනවා.

ඇදහැලු‍ණු අධික වර්ෂාව මධ්‍යයේ වූවද සත්‍යග්‍රහයේ නියැලෙන සෞඛ්‍ය සේවකයින් අධිකරණ නියෝගයක් මත එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ දැරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. මේ අතර, කොරෝනා ආසාදිතයින් 1884 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. සුවය ලැබූ මුළු සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 164,281ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14