දිට්වා සුළිකුණාටුව යාපනය සිට 130 km ක් උතුරු දෙසින් කේන්ද්‍රගතව වී ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතිය තවදුරටත් උතුරු දෙසට ගමන් කරනු ඇති බවටයි අද (30) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.
ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩු වීමක් අද (30) සිට අපේක්ෂා කෙරෙන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඵළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන්.
තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.















