අයහපත් කාලගුණයෙන් මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.
මේ හේතුවෙන් පුද්ගලයින් 69 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය නිවේදනයන කරන්නේ.
දිස්ත්‍රික්ක 11 කින් මෙම මරණ වාර්තා වන අතර බදුල්ල, මොණරාගල,. නුවරඑළිය, කුරුණෑගල, නුවරඑළිය, ගාල්ල , අම්පාර, අනුරාධපුර, මාතලේ, මහනුවර, හම්බන්තොට සහ කෑගල්ල එම දිස්ත්‍රික්කයි.
එමෙන්ම ආපදා හේතුවෙන් පවුල් 61,175කට අයත් පුද්ගලයින් 21,9282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
මේ අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු රඳවා ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර කැළණි ගඟ, කළු ගඟ, යාන් ඔය, මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, අත්තනගලු මැණික් ගඟ සහ මල්වතු ඔයෙහි ජල මට්ටම ඉහල යමින් පවතින අතර ගංඟා ද්‍රෝණී ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ වලට අධි අවධානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව එම ගංගා දෙපස පහත් බිම් වල වෙසෙන ජනයා හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ආපදා සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ.















