සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින වෙන්වෙයි

2026 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 27 වැනිදා සිට නොවැම්බර් 06 වැනිදා දක්වා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ප්‍රායෝගික පරීක්ෂණ අයදුම් කළ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද යොමු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීම මගින් ද ප්‍රවේශ පත්‍ර බාගත කරගත හැකි බවද සඳහන්.