අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 25ටම දැඩි බලපෑම් – ජීවිත 69ක් අහිමිවෙයි, 34ක් අතුරුදන්

අයහපත් කාලගුණයෙන් මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් 69 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය නිවේදනයන කරන්නේ.

දිස්ත්‍රික්ක 11 කින් මෙම මරණ වාර්තා වන අතර බදුල්ල, මොණරාගල,. නුවරඑළිය, කුරුණෑගල, නුවරඑළිය, ගාල්ල , අම්පාර, අනුරාධපුර, මාතලේ, මහනුවර, හම්බන්තොට සහ කෑගල්ල එම දිස්ත්‍රික්කයි.

එමෙන්ම ආපදා හේතුවෙන් පවුල් 61,175කට අයත් පුද්ගලයින් 21,9282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මේ අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු රඳවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කැළණි ගඟ, කළු ගඟ, යාන් ඔය, මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, අත්තනගලු මැණික් ගඟ සහ මල්වතු ඔයෙහි ජල මට්ටම ඉහල යමින් පවතින අතර ගංඟා ද්‍රෝණී ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ වලට අධි අවධානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එම ගංගා දෙපස පහත් බිම් වල වෙසෙන ජනයා හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ආපදා සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58