කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

කොළඹ වරායෙන් බහාලුම් 323ක් නියමිත පරික්ෂා කිරීම්වලින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා.

එම විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පත්කර ඇති බවයි කතානායකවරයා අද (27) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

අනුර කරුණාතිලක, චතුරංග අබේසිංහ, සුනිල් වටගල, අර්කම් ඉල්ලෙයාස්, දයාසිරි ජයසේකර, අජිත් පී පෙරේරා, ඩී.වි. චානක, බුජිබර් රහුමාන්, නජිත් ඉන්දික, මයිල්වාගනම් ජෙගදීස්වරන්, ලක්මාලි හේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ සිසු සමාජිකයින් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?