කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අත්හදා බැලීමේ පදනමක් මත නව චෙක්-ඉන් කවුන්ටර 14ක් සකසා ඇති බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම නිවේදනය කරනවා.
මාසයකින් ඉදිකරන ලද මෙම පහසුකම, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ප්‍රධාන කර්මාන්ත හවුල්කරුවන් අතර සහයෝගීතාවයට සාක්ෂියක්.
ශීත සමයේදී කටුනායක ගුවන්තොටුපොළ හරහා ගමන් කරන මගීන් සඳහා සුමට ගුවන්තොටුපළ මෙහෙයුම් සහ කරදරයකින් තොර පහසුව සහතික කිරීම මෙම මුලපිරීමේ අරමුණයි.
ශ්‍රී ලංකාවේ සංචාරක අත්දැකීම් වැඩිදියුණු කිරීමේ ඉදිරි පියවරක් ලෙස මගී ඉල්ලුම මත පදනම්ව මෙහෙයුම් වැඩි කිරීමට සූදානම් වෙමින් පවතින බව එම සමාගම සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
+1
+1
+1
+1





