අපොස උසස් පෙළ විභාගය හෙට – විභාගයට සියල්ල සූදානම් (වීඩියෝ)

2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (10) ආරම්හ වනවා.

විභාගය වෙනුවෙන් අවශ්‍ය සියලුම කටයුතු සූදානම් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව උසස් පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානවලට භාර දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
දිවයින පුරා ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන 2362 කදී මෙවර විභාගය පැවැත් වෙනවා.

එමෙන්ම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන 32ක් ද ක්‍රියාත්මකයි.

විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බවයි විභාග දෙපාර්තෙමන්තුව පැවසුවේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා විභාග අපේක්ෂකයින් 340,525 දෙනෙකු සුදුකම් ලබා සිටිනවා.

මේ අතර මෙවරත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත් විභාගය සඳහා විශේෂ පහසුකම් සලසාදීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.

එමෙන්ම යම් ආපදා තත්ත්වයක් ඇති වූවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

යම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එවැනි තොරතුරු 117 අංකයෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම්දිය හැකි අතර, 1911 අංකයෙන් ද, විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියේ ස්ථාපිත ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයට ද, 0113 668026 සහ 0113 668032 යන දුරකථන අංක අමතා දැනුම් දිය හැකියි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙටින් (10) ආරම්භ වන අතර, විභාගය දෙසැම්බර් 05 වනදා අවසන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?