පාසල් අධ්‍යාපනය කාලය දීර්ඝ කිරීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

පස්වරු 02.00 දක්වා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අද (07) අධ්‍යාපන අමාත්‍යංශය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව 01 ශ්‍රේණිය, 02 ශ්‍රේණිය, 03 ශ්‍රේණිය සහ 04 ශ්‍රේණිය සඳහා මෙම පාසල් කාලය දීර්ඝ කිරීම අදාළ නොවන බවත් 05 ශ්‍රේණියේ සිට ඉන් ඉහළ සාම ශ්‍රේණියක් සඳහාම පස්වරු 02.00 දක්වා පාසල් කාලය දිර්ඝ කිරීම සිදුවන බවත් අධ්‍යාපන අමාත්යංශය පවසනවා.

එමෙන්ම 2025 වර්ෂයේ සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (07) දින අවසන් වන අතර සිංහල හා දෙමළ පාසල්වල දෙවන අදියර 2025.12.08 වන සඳුදා දින ආරම්භ වනවා.

මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.11.24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
9
+1
1
+1
8
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?