පාතාලයේ සබඳතා තිබූ මාලිමා මන්ත්‍රීනියගේ සැමියා ගැන තොරතුරු රැසක් එළියට

එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ අත්අඩංගුවට ගැනුණු එම සැකකාර විදුහල්පතිවරයාට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කොස්ගොඩ සුජි නමැත්තා සමඟ සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම එක සැකකාර විදුහල්පතිවරයාට ඩුබායි රාජ්‍යයේ වෙසෙන ශෂී නමැත්තා විසින් මත්කුඩු ජාවාරම සිදුකරගෙන යාම සඳහා මත්කුඩු ලබා දී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා

එප්පාවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වැටලීමෙන් හෙරොයින් කිලෝ එකක සහ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර පසුව අනාවරණය වූයේ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරියකගේ ස්වාමිපුරුෂයාට සහ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
58
+1
3
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?