එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ අත්අඩංගුවට ගැනුණු එම සැකකාර විදුහල්පතිවරයාට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කොස්ගොඩ සුජි නමැත්තා සමඟ සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම එක සැකකාර විදුහල්පතිවරයාට ඩුබායි රාජ්‍යයේ වෙසෙන ශෂී නමැත්තා විසින් මත්කුඩු ජාවාරම සිදුකරගෙන යාම සඳහා මත්කුඩු ලබා දී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා
එප්පාවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වැටලීමෙන් හෙරොයින් කිලෝ එකක සහ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර පසුව අනාවරණය වූයේ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරියකගේ ස්වාමිපුරුෂයාට සහ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ති බවයි.














හහ්.හහ්. හහ්. හා. මා. හා. ඔය අහුවෙන්නේ..ං
මේක අනුරට හොඳ අවස්ථාවක්….පළමුව ප්‍රාදේශීය සබා නගර සභා වල ඉන්න මාලිමා සාමාජිකයන්ගේ පැටිකිරිය සොයා ඔවුන් වරධි නම් පක්ෂයෙන් එළියට දාන්න
එය පක්ෂයේ ඉඳිරි ගමන සාර්ථක කර ගැනීමට ඉවහල් වේ…..
පක්ෂයේ හොඳ නම රැකගැනීම වැදගත්
මගේ ඡන්දය මාලීමාවටම තමයි…
DNA පරීක්ෂණ කරලා අපේක්ෂක ලිස්ට් පුරවන්න බැහැ.. මේ සැරේ මාලිමාව ජයග්‍රහණය කලේ පොහොට්ටුවේ සහ ස ජ බේ වගේම යු එන් පී පාක්ෂිකයෝ වෙනස් වෙලා කතිරේ ගහපු නිසා.. ඒ අතරේ මේ වගේ අපතයෝ අනිවාර්යෙන් ඉන්නවා.. කොහොම උනත් මේ රජය 100% ක් පිරිසිදු බව ජනතාව හොදින් දන්නවා… විපක්ෂ වස්සෝ දැන් මුව හමට තලන්න දත කට මැදගෙන ඉන්නේ