දුර්වල පාලනය ශ්‍රී ලංකාව වැනි රටවල පාලන තන්ත්‍ර වෙනස්කම්වලට හේතු වුණා – ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ නේපාලය ඇතුළු අසල්වැසි රටවල මෑත කාලීන දේශපාලන අස්ථාවරත්වය සහ ව්‍යවස්ථා විරෝධී පාලන තන්ත්‍ර වෙනස්කම් සිදුවුයේ “දුර්වල පාලනය” නිසා බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෙවාල් පවසනවා.

මෙම රටවල ප්‍රජාතන්ත්‍රවාදය සහ ආයතනික නොවන පාලන ක්‍රම මගින් තමන්ගේම ගැටළු රාශියක් නිර්මාණය වී ඇති බවයි ඔහු පවසන්නේ.

නව දිල්ලිහිදී පැවති අනුස්මරණ දේශනයකට ඊයේ (31) එක්වෙමින් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා මේ බව සඳහන් කළා.

දේශපාලන ස්ථාවරත්වයේ තීරණාත්මක සාධකය පාලනය බව සඳහන් කළ ඔහු, මහා අධිරාජ්‍යයන්, රාජාණ්ඩු, කතිපයාධිකාරීන්, වංශාධිපතියන් හෝ ප්‍රජාතන්ත්‍රවාදයන්ගේ නැගීම සහ වැටීම පාලනයේ ඉතිහාසයන් බවයි සඳහන් කර සිටියේ.

ආර්ථික අසාර්ථකත්වයන්, ආහාර හා ජල හිඟය, උද්ධමනය, පීඩාකාරී බදු සහ සමාජ ගැටුම් රාජ්‍ය අසාර්ථකත්වයන් පිටුපස ඇති ප්‍රධාන හේතු බව ඔහු මෙහිදී පෙන්වා දුන් අතර, පාලනය ජාතීන් සහ බලවත් රාජ්‍යයන් නිර්මාණය කරන බවත් ආයතන ගොඩනඟන සහ පවත්වාගෙන යන ජනතාවගේ භූමිකාව වැදගත් බවත් පැවසුවා.

එමෙන්ම වර්තමානයේ රාජ්‍ය පාලනයන් වෙත නැගී එන ප්‍රධාන අභියෝගය වී ඇත්තේ වැඩිවන අවශ්‍යතා හමුවේ පොදු මිනිසා තෘප්තිමත්ව තබාගැනීම බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජාතියක් ගොඩනැගීමේ දී සහ ජාතියක් සුරක්ෂිත කිරීමේ දී රටක පාලන තන්ත්‍රය විසින් වැදගත් කාර්යයභාරයක් ඉටු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා .

  1. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ඉරාන පලස්තීන ගෝලීය මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය විසින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය උපයෝගී කොට ගෙන මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී රාජ්‍ය බිහිකිරීමට රාජ්‍ය යාන්ත්‍රණය හා පක්‍ෂ දේශපාලනය යොදා ගැනීමය. එය පරාජය කිරීමට ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය සිංහල හා දමිල ජනතාව එක්සත්ව ලබා ගත යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36