ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කාන්තා එක්දින ලෝක කුසලානයේ අවසන් ගැටුමට

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුකම් ලැබීමට සත්කාරක ඉන්දීය කාන්තා කණ්ඩායමට ඊයේ (30) හැකියාව ලැබුණා.

ඒ, මුම්බායි හි පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී වත්මන් ශූරියන්වන ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුනු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සිය ඉනිමට ලකුණු 338ක් රැස්කළ අතර, ලකුණු 339ක ජයග්‍රාහි ඉලක්කය පන්දුවාර 48යි පන්දු 03ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී පසුකර යමින් ඉන්දියාව මෙම තරගය ජයගත්තා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගයක් සඳහා සුදුකම් ලබා ගත්තේ පළමු වරටවීම විශේෂත්වයක්.

ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර 2005 සහ 2017 වසරවල දී අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා තිබුණා.

වසර 52ක ඉතිහාසයක් ඇති කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පළමුවරට ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය නොමැතිව අවසන් මහා තරගයක් එළෙඹෙන 05 වනදා පැවැත්වෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු නායිකා ඇලිසා හීලි තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ මෙවර ලෝක කුසලාන තරගාවලිය තමන්ගේ අවසන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33