කොළඹ අංක 05, මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥවරයෙක් ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ඇතුළු වී එම අධිකරණයේ නඩුවක් සඳහා බන්ධානාගාරය මගින් ඉදිරිපත්කර සිටි සංජීව කුමාර නොහොත් ගණේමුල්ල සංජීව නැමැති අයට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකාර නීතිඥවරියක් ඊයේ (28) දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකාරිය විසින් නීතිඥවරයෙක් ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ඇතුළුවීම සඳහා නීතිඥවරුන් පලඳින ටයි පටි 02ක්, රිවොල්වරය රහසිගතව සඟවා ගෙන යාමට අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු අණපනත් සහිත පොත් දෙකක්, නීතිඥවරුන්ගේ වාහනයේ ප්‍රදර්ශණය කිරීමට භාවිතා කරනු ලබන අවසර පත්‍රයක්, නීතිඥ සංගමය මගින් නිකුත් කල නීතිඥ හැඳුනුම්පතක් ලබා දී එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ති බවයි පොලිසිය පවසා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 55ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෙම සැකකාරිය පැය 72 ක කාලයක් රඳවා තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි..















