වැලිගම සභාපති ඝාතනයට තුවක්කුව සැපයූ පුද්ගලයා සොයා විමර්ශන – වෙඩික්කරුට පෙර නඩු හතක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුට එරෙහිව පෙර නඩු 07ක් පවතින බව පොලිසිය සඳහන් කරනවා.

සොරකම් කිරීම, මංකොල්ලකෑම්, නීති විරෝධී ගිනිඅවි සන්තකයේ තබා ගැනීමට අදාළව ඔහුට එරෙහිව නඩු පවතින බවයි වාර්තා වුණේ.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට යොදාගත් ගිනි අවිය සැපයූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු සහ ඔහුගේ බිරිඳ, යතුරුපැදිකරු සහ ඔවුන්ට නවාතැන් සැපයූ පුද්ගලයා ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක් රඳවාගෙන සිටින බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු පැය 48ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (27) වැලිගම මූලස්ථාන පොලීසියට අවසර ලබා දී තිබෙනවා.

එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ගාල්ල, අගුළුගහ ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙක්, වැලිගම, වලාන ප්‍රදේශයේ ගරාජ් හිමිකරුවෙක් සහ අපරාධයට යොදාගත් යතුරුපැදිය ගෙනවිත් දුන් පොල්අතුමෝදර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම ඝාතනයට පෙර සහ පසු ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් සැපයූ ත්‍රීරෝද රථ රියදුරු වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම මෙම ඝාතනයට යොදාගත් යතුරුපැදිය ධාවනයට සුදුසු ආකාරයට අලුත්වැඩියාකර දුන් වලානේ ගරාජ් හිමිකරු සහ එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කුමාර ඇතුළු කණ්ඩායමක් විසින් පෙරේදා (26) දිනයේ සැකපිට අත්අඩංගුවට ගැනුණා.

මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් හත්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායම් දහයක් යොදවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

  1. ගරාජ් හිමිකරු වාහන අලුත්වැඩියා කිරීමේ ඇති වැරද්ද මොකද්ද අත්අඩංගුවට ගන්න තරම්.. ඔහුගේ රැකියාව මොටර් බයිසිකල් අළුත් වැඩියාවනේ.. හදන් යන බයිසිකලය මෙනවට භාවිතා කරනවද කියල ඒ මනුස්සය දන්⁣නේ කොහොමද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17