දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ රංචිහි දී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් සමගින් සමස්ත පදක්කම් 40ක් දිනාගත්තා.

ප්‍රබල ඉන්දියාවට තරග ඉසව් රැසක දී කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා පසුපසින් සිටියේ සමස්ත පදක්කම්වලින් පදක්කම් අටකින්.

මෙවර තරගාවලියේ ශූරතාව හිමිකරගත් ඉන්දියාව රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 20ක් සහ ලෝකඩ පදක්කම් 18ක් හිමිකර ගත්තා.

2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තුන්වන ස්ථානය නේපාලයට හිමි වූ අතර, ඔවුන් දිනාගත්තේ රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 04ක් පමණයි.

තරගවලියේ සමස්ත රන් පදක්කම් 36 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පමණක් බෙදීයාම විශේෂත්වයක්.

සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28