Update – වැලිගම ප්‍රා.සභා සභාපති ඝාතන සිද්ධියට තවත් අයෙක් ගාල්ලෙන් අල්ලයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනාවට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සංඛ්‍යාව හතරක්.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙක් අද (26) අලුයම් කාලයේ කැකිරාව ප්‍රදේශයේ දී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස මඟින් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු එම සැකකරුවන් තිදෙනා අතර කාන්තාවක් ද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?