වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.
කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්‌මන පරනලියනගේ නුවන් තාරක නැමැති මෙම සැකකරු අඩි 05 අගල් 06ක් පමණ උසැති අයෙක්.
මෙම සැකකරුගේ දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ලෙස ද වම් අතේ ”හිතුමතේ ජීවිතේ” ලෙස පච්ච සලකුණු ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටින්නේ.
071 859 8888 / 011 233 7162 / 071 859 2087
සැකකරුගේ ඡායාරූපය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
4
+1
+1
1
+1





