පොලිස් අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටර් රථයකට යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ දී පෙරේදා (24) රාත්‍රියේ පොලිසිය වෙඩි තබා තිබෙනවා.
වැලි ජාවාරමේ නිරත පුද්ගලයෙකු පැද වූ ට්‍රැක්ටර් රථයකට මෙලෙස පොලිසිය විසින් වෙඩි තබා ඇති බවයි වාර්තා වුණේ.
කොඩිකාමම් පොලිසිය පැවසුවේ අනවසරයෙන් වැලි ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී පොලිස් අණ නොතකා ධාවනය කළ වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයකට වෙඩි තැබීමක් සිදුකළ බවයි.
වෙඩි වැදීමෙන් ට්‍රැක්ටර රථයේ රෝදයක් හානිව ඇති අතර, ට්‍රැක්ටරය පැදවූ 18 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි වුණේ.
ට්‍රැක්ටර් රථය කොඩිකාමම් පොලිසිය හරහා චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,තුවාල ලැබු පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.





