අණ නොතකා ගිය ට්‍රැක්ටරයකට පොලිසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටර් රථයකට යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ දී පෙරේදා (24) රාත්‍රියේ පොලිසිය වෙඩි තබා තිබෙනවා.

වැලි ජාවාරමේ නිරත පුද්ගලයෙකු පැද වූ ට්‍රැක්ටර් රථයකට මෙලෙස පොලිසිය විසින් වෙඩි තබා ඇති බවයි වාර්තා වුණේ.

කොඩිකාමම් පොලිසිය පැවසුවේ අනවසරයෙන් වැලි ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී පොලිස් අණ නොතකා ධාවනය කළ වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයකට වෙඩි තැබීමක් සිදුකළ බවයි.

වෙඩි වැදීමෙන් ට්‍රැක්ටර රථයේ රෝදයක් හානිව ඇති අතර, ට්‍රැක්ටරය පැදවූ 18 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි වුණේ.

ට්‍රැක්ටර් රථය කොඩිකාමම් පොලිසිය හරහා චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,තුවාල ලැබු පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32