කාන්තා ලෝක කුසලානය සඳහා තරග වදින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ට ලිංගිකව අතවර කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ක්‍රීඩිකාවන් දෙදෙනා විසින් ආපන ශාලාවකට ගොස් නැවත පැමිණෙමින් සිටින අතරවාරයේ දී යතරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙක් විසින් ක්‍රීඩිකාව දෙදෙනා පසුපස යමන් එම අඩත්තේට්ටම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් සිද්ධියට මුල් වූ ක්‍රීඩිකාවන් දෙදෙනා පිළිබද හෙළිකර නොමැති අතර එම ක්‍රීඩිකාවන් දෙදෙනා ඔවුන්ගේ ආරක්ෂක වළල්ලෙන් පිටත පිහිටි ආපන ශාලාවකට ගොස් නැවත පැමිණෙමින් සිටින අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
1
+1
+1
2















