බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ ඝාතන සම්බන්ධයෙන් යුක්තිය සහතික කරන ලෙස සහ අවාමි ලීගයේ ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස අන්තර්කාලීන රජයෙන් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හයක් බංග්ලාදේශයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් වෙත ලිපියක් යවා තිබෙනවා.
හියුමන් රයිට්ස් වොච් ඇතුලු කණ්ඩායම රජයෙන් ඉල්ලා සිටින්නේ මානව හිමිකම් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට සහ තවදුරටත් උල්ලංඝනය කිරීම් වළක්වන ලෙසයි.
ෂෙයික් හසීනාගේ අවාමි ලීග රජයේ අවසානයෙන් පසු මූලික නිදහස යථා තත්ත්වයට පත් කිරීම, නීති ප්‍රතිසංස්කරණය කිරීම සහ අතීත අපයෝජනයන් විමර්ශනය කිරීම සඳහා අන්තර්කාලීන රජය ගත් මූලික උත්සාහයන් පිළිබඳ මානව හිමිකම් සංවිධාන ප්‍රශංසා කළ නමුත් ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සහ වගවීමේ ප්‍රගතියක් නොමැතිකම පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙනවා.
2026 මැතිවරණයට පෙර ආයතන ශක්තිමත් කරන ලෙසත්, අවාමි ලීග් සාමාජිකයින්ට එරෙහිව අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත නඩු නතර කරන ලෙසත් එම ලිපිය මගින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රජයෙන් ඉල්ලා සිටියා.





