කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදිම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ජේලර්වරයෙකු බවයි වාර්තා වන්නේ.
පානදුර, හිරණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථනයක් ලබාදීම සදහා සූදානම්වීමේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සැකකාර ජේලර්වරයා ඒ වෙනුවෙන් රුපියල් 35,000ක මුදලක් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර ජේලර්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.





