රැඳවියාට මත්ද්‍රව්‍ය දෙන්න උදව් කළ ජේලර්වරයෙක් අත්අඩංගුවට

කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදිම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ජේලර්වරයෙකු බවයි වාර්තා වන්නේ.

පානදුර, හිරණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථනයක් ලබාදීම සදහා සූදානම්වීමේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සැකකාර ජේලර්වරයා ඒ වෙනුවෙන් රුපියල් 35,000ක මුදලක් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර ජේලර්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50