ශ්‍රී ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අරමුණයි – ඇමති හඳුන්

ශ්‍රී ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති පවසනවා.

තිරසාර මැණක්‌ සවර්ණාභරණ අංශයක් හරහා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් පැවති පර්යේෂණ සම්මන්ත්‍රණයකට ඊයේ (10) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට වැඩිපුරම මැණික් ප්‍රමාණයක් ඇත්තේ මධ්‍යම කඳුකරයේ වතු සමාගම්වල අයිතිය ඇති මහා පරිමාණ ඉඩම්වල බවයි.

එම පරිමාණ වතු සමාගම්වලවලට අයත් තේ, රබර් වැනි වතුවල ඇති මැණික්වලට තවමත් අතවත් තබා නොමැති බවත් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම කැනීම් මඟින් සොයාගන්නා මැණික් ප්‍රමාණය රටේ ජාතික ආර්ථිකයට එකතු නොවීම ප්‍රධාන ගැටළුවක් වී ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?