ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (07) සිය සහතිකය සටහන් කළා.

අද (07) පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ක්‍රීඩාවල යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, ඡන්ද විමසීමකින් තොරව එම පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වුණා.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.09.12 දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම පනත ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය, අන්තර්ජාතික නීතිය සමඟ යාවත්කාලීන කිරීම සඳහා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වන පනතක් ලෙස සැලකේ. ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (World Anti – Doping Agency- WADA) විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවලට සම්බන්ධ තහනම් උත්තේජක භාවිතය පිළිබඳ නීති සහ රෙගුලාසි වාර්ෂිකව නිරීක්ෂණය කරන අතර, ඒ අනුව නූතන ක්‍රීඩා අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නීති සහ රෙගුලාසිවලට අනුව පවතින පනත සංශෝධනය කිරීම මෙම පනත මගින් අපේක්ෂා කරනවා.

ඒ, අනුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත, 2025 අංක 21 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත ලෙස බලාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38