වප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද (06) දිනයේ චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.
එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස සඳහන් කළේ අද දිනයේ චන්ද්‍රයා, සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව 7%ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් දිස්වන බවයි.
සඳ ඉලිප්පාකාර කක්ෂයේදී පෘතුවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම නිසා මෙම තත්ත්වය ඇති වන බව සඳහන් කළ ඔහු, චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස පුර පසළොස්වක දිනක පමණක්ම නොව අමාවක දිනයන්වල දී ද දිස්විය හැකි බවයි සඳහන් කළේ.
මේ අතර අද දිනයේ පූර්ණ චන්ද්‍රයා අසළින් සෙනසුරු ද නිරීක්ෂණය කළ හැකි බව ද ඉහු වැඩිදුරටත් පැවසුවා.
මෙවැනි දිනක මුහුදේ වෙනදාට වඩා වැඩි වඩදිය බාදිය තත්ත්වයක් ද ඇති වන බවයි පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස සඳහන් කළේ.














