රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධිය-විමල්ට එරෙහි නඩුව කල්යයි

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති හිටපු ඇමති විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් ට එරෙහි නඩුව නීතිපති උපදෙස් සදහා අප්‍රේල් මස 28 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද ( 4 ) නියෝග කළා

හිටපු ඇමති විමල් වීරවංශ, ඔහුගේ සොහොයුරු සරත් විරවංශ ඇතුළු තිදෙනාට එරෙහිව ගොනු කර ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටියා.

නීතිපති උපදෙස් සදහා නඩු ගොනුව යොමු කර ඇති බවත් මෙතෙක් උපදෙස් ලැබී නැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 41ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධිය අදාළව සැකකරුට චෝදනා ගොනු කර තිබෙනවා.