අයර්ලන්තයේ Ryanair ගුවන් සේවය ඇතුළුව යුරෝපයේ ගුවන් ගමන් කිහිපයකට එකවර බෝම්බ තර්ජනයක් එල්ලවීමෙන් ගුවන්සේවාවලට බාධා එල්ලවී තිබෙනවා.
එලෙස බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් යුරෝපයේ ගුවන් සේවා හදිසි සෝදිසි කිරීම් සිදු කිරීමටත්, පෝලන්තයේ වෝර්සෝ (Warsaw) අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් තොටුපොළක කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම ව්‍යාජ තර්ජන හමුවේ Ryanair, Wizz Air, Scandinavian Airlines (SAS) සහ පෝලන්තයේ LOT යන ගුවන් සේවාවලට බාධා එල්ල වී තිබෙනවා.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වූයේ Ryanair ගුවන් සේවයට වන අතර, විවිධ ගමනාන්ත වෙත පියාසර කරමින් තිබූ එහි ගුවන් යානා 4කටම මෙලෙස තර්ජන එල්ල වූ බව විදෙස් මාධ්‍යවලින් වැඩිදුරටත් වාර්තාවනවා.
එමෙන්ම, අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි ගුවන් යානයකට ආරක්ෂාව සපයමින් රෝමය වෙත කැටුව යාමට ඉතාලි ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා යෙදවීමට ද සිදුවී තිබෙනවා.
අවම වශයෙන් ගුවන් යානා 7කට සහ ඊශ්‍රායලය බලා ගමන් කරමින් තිබූ මගී නෞකාවකට (Cruise Ship) මෙලෙස බොම්බ තර්ජන එල්ල වී තිබෙනවා.
අදාළ සියලුම ගුවන් යානා සුරක්ෂිතව ගොඩබස්වා ඇති අතර පසුව සිදු කළ පරීක්ෂණවලදී කිසිදු පුපුරන ද්‍රව්‍යයක් හමු වී නැති බවටත් වාර්තාවෙනවා.
