ආචාර්ය පණ්ඩිත් අමරදේව 10 වන ගුණ සමරුව

ආචාර්ය පණ්ඩිත් අමරදේව 10 වන ගුණ සමරුව අද දින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍ර පරිශ්‍රයේ දී පැවැත්වුනා

මහා සංගරත්නය සෙත්පිරිත් දේශනාවක් පැවැත්වු අතර අමුත්තන් පිළිගැනීම හා ස්තූතිය අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයේ සභාපති බුද්ධදාස ගලප්පත්ති සිදු කළා.

මහාචාර්ය සරත් විජේසූරිය ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවා.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි පිරිස අමතමින් කියා සිටියේ ඊලඟ ගුණ සැමරුම් උත්සවය අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයේ සියලු වැඩ අවසන් කර එහි පවත්වන බවයි.

මේ අන්ඩුවෙන් මුදල් වෙන්කිරිමෙ ප්‍රශ්නයක් නොතිබුන බවත් කොන්ත්‍රාත් සමාගමේ උන අතපසුවිම් හේතුවෙන් එය ප්‍රමාදවී තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එමෙන්ම ගොඩ නැගිල්ලේ වැඩ කිසිවක් නොකර පහුගිය සමයේ මුලින් ගෙනත් තිබුනේ විදුලි සොපානය බවත් එය දැන් දිරාපත්වී ඇතිබවත් පෙන්වා දුන්නා

ඉන්පසුව අමර ගීත ගායනා අංගය අමරදේව ඇකඩමිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා