අද රෑ අහසේ “සුපර් මූන්”

වප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද (06) දිනයේ චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.

එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස සඳහන් කළේ අද දිනයේ චන්ද්‍රයා, සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව 7%ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් දිස්වන බවයි.

සඳ ඉලිප්පාකාර කක්ෂයේදී පෘතුවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම නිසා මෙම තත්ත්වය ඇති වන බව සඳහන් කළ ඔහු, චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස පුර පසළොස්වක දිනක පමණක්ම නොව අමාවක දිනයන්වල දී ද දිස්විය හැකි බවයි සඳහන් කළේ.

මේ අතර අද දිනයේ පූර්ණ චන්ද්‍රයා අසළින් සෙනසුරු ද නිරීක්ෂණය කළ හැකි බව ද ඉහු වැඩිදුරටත් පැවසුවා.

මෙවැනි දිනක මුහුදේ වෙනදාට වඩා වැඩි වඩදිය බාදිය තත්ත්වයක් ද ඇති වන බවයි පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41