නාරම්මල – කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේ අද (05) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂය පත්ව ඇති බව පොලිසිය පවසනවා.
කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු, පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා නාරම්මල හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එහිදී ලොරි රථයේ රියදුරු එහි ගමන් කළ පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 41, 80 සහ 82 යන වයස් වල පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.
එමෙන්ම එම ලොරි රථයේම ගමන් කළ වයස අවුරුදු 40 ක කාන්තාවක්, වයස අවුරුදු 16 හා වයස අවුරුදු 09 ක දැරියන් දෙදෙනෙකු තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රථිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.















