නාරම්මල – කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක් – තුනක් ජීවිතක්ෂයට

නාරම්මල – කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේ අද (05) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂය පත්ව ඇති බව පොලිසිය පවසනවා.

කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු, පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා නාරම්මල හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ලොරි රථයේ රියදුරු එහි ගමන් කළ පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 41, 80 සහ 82 යන වයස් වල පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.

එමෙන්ම එම ලොරි රථයේම ගමන් කළ වයස අවුරුදු 40 ක කාන්තාවක්, වයස අවුරුදු 16 හා වයස අවුරුදු 09 ක දැරියන් දෙදෙනෙකු තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රථිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09