නාරම්මල – කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක් – තුනක් ජීවිතක්ෂයට

නාරම්මල – කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේ අද (05) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂය පත්ව ඇති බව පොලිසිය පවසනවා.

කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු, පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා නාරම්මල හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ලොරි රථයේ රියදුරු එහි ගමන් කළ පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 41, 80 සහ 82 යන වයස් වල පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.

එමෙන්ම එම ලොරි රථයේම ගමන් කළ වයස අවුරුදු 40 ක කාන්තාවක්, වයස අවුරුදු 16 හා වයස අවුරුදු 09 ක දැරියන් දෙදෙනෙකු තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රථිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18