‘කජ්ජා’ ඝාතනයේ රහස් රැසක් ‘බැකෝ සමන්’ වමාරයි

අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ ඝාතනය කිරීමෙන් අනතුරුව එම ඝාතනයේ වගකීම භාරගැනීමට තවත් අපරාධකරුවන් පිරිසක් සූදානමින් සිටිය ද, ඔහුගේ දරු දෙදෙනාද එහිදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් එහි වගකීම භාරනොගත් බව නැඳුන්බැගොඩ නිර්මල ප්‍රසාද් නොහොත් ‘බැකෝ සමන්’ අනාවරණය කර තිබෙනවා.

මේ වනවිට රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දීයි බැකෝ සමන් මේ බව පවසා ඇත්තේ.

තමාගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකිරීම කජ්ජා ඝාතනයට හේතු වූ බවත් බැකෝ සමන් මෙහිදී අනාවරණය කර තිබෙනවා.

මේ අතර කජ්ජා ඝාතනයෙන් පසු තමාට එල්ලවන චෝදනාවලින් බේරීම වෙනුවෙන්, ඝාතනයෙන් පසු තමන් කජ්ජාගේ බිරිඳගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් ගිණුම්ගත කළ බවයි ඔහු පවසා ඇත්තේ.

එමෙන්ම තමන්ට කජ්ජාගේ දරු දෙදෙනා ඝාතනය කිරීමට කිසිඳු උවමනාවක් නොතිබූ බවත් ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ අනාවරණය කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බවත්, බැකෝ සමන්ගේ උපදෙස් මත ඝාතනයක් සඳහා ගිනිඅවි ලබා දුන්න ද එය කජ්ජා ඝාතන කිරීමට බව තමන් නොදැන සිටි බවත් සම්පත් මනම්පේරි නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

සම්පත් මනම්පේරි සිදුකරන ප්‍රකාශ තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව කජ්ජා ඝාතන කළ කාල වකවානුව තුළ සම්පත් මනම්පේරිගේ දුරකථන දත්ත වාර්තාවක් ලබා ගැනීමට ද පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11