ඉන්දියාවේ බලශක්ති ආරක්ෂාව ඉහළ නැංවිය හැකි වැදගත් ඉදිරි ගමනක් ලෙස, අන්දමන් ද්‍රෝණියේ දැවැන්ත ස්වාභාවික වායු නිධියක් සොයා ගනු ලැබ තිබෙනවා.
ඛනිජ තෙල් අමාත්‍ය හර්දීප් සිං පූරි සිකුරාදා මෙම සොයාගැනීම නිවේදනය කළා.
අන්දමන් වෙරළ තීරයේ සිට කිලෝමීටර 17 ක් පමණ දුරින් මීටර් 295 ක ගැඹුරකින් පිහිටා ඇති සහ මීටර් 2,650 ක ඉලක්ක ගැඹුරකට කැණීම් කරන ලද ශ්‍රී විජයපුරම්-2 ළිඳෙන් ගෑස් නිධිය සොයා ගෙන තිබෙනවා.
පරික්ෂාවේ දී එහි 87% මීතේන් ඇති බව සොයා ගත් බව පූරි පැවසුවා.
මෙම දැවැන්ත සොයාගැනීම වසර ගණනාවක් පුරා ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින ආනයනික ස්වභාවික වායුව මත ඉන්දියාවේ යැපීම අඩු කිරීමක් වනු ඇති.
2023-24 මූල්‍ය වර්ෂයේදී, ඉන්දියාවේ ස්වභාවික වායු පරිභෝජනයෙන් ආසන්න වශයෙන් 44% ක් ආනයන හරහා සපුරා ගනු ලැබුවා.















