දසුන් ශානකගෙන් අමුතු ආකාරයේ වාර්තාවක්

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු දසුන් ශානක විසින් ඊයේ (23) පාකිස්ථානය සමඟ පැවති තරගයේ දී ලකුණු රැස් කරගැනීමට පෙරම තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු 0කට දැවී ගියා.

එලෙස ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දසුන් ශානක ලකුණු 0කට දැවී ගිය 14වන අවස්ථාව මෙය වනවා.

ඒ අනුව ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස තරග තුළ වැඩිම වාර ගණනක් ලකුණු 0ට දැවී ගිය ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ද දසුන් ශානක යි.

එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ බංගලාදේශ ක්‍රීඩක සවුම්‍ය සංකර් සිටින අතර එහි පස්වන ස්ථානයේ ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ෂර්මා රැඳී සිටිනවා.