ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙලෙස එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා එළඹෙන බදාදා (24) එරට වේලාවෙන් පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම නිල සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට ද නියමිතයි.
ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද ජනාධිපතිවරයා එක්වනු ඇති.
මෙම නිල සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්වීමට නියමිතයි.














ඉතාම අනර්ඝය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති තුමා හමුවී ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට සහාය ඉල්ලා සිටිමු. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ඉරාන පලස්තීන පිටුබලය ලබන isis අන්තවාදී ත්රස්තවාදීන්ගේ පාස්කු බෝම්බයේ සත්‍ය එලිදැක්වීම නොහැකිව ඇති isis ත්‍රස්තවාදී තර්ජනය නිමා කර ගත හැක.
Great, President must visit countries to develop mutual understanding and friendship. Also must address business tycoons to attract to SL to establish business, especially in the area of Tourism ( Marine, Whale Watching etc)