ඉන්දු – පාකිස්ථාන තරගය අද – පාකිස්ථාන කණ්ඩායම වර්ජනයක

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියේ සුපිරි හතර වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (21) රාත්‍රියේ පැවැත් වෙනවා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති මතභේදයට තුඩු දුන් තරගයෙන් දින කිහිපයකට පසුවයි අද මෙම තරගය පැවැත්වෙන්නේ.

මේ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර අද තරගයට පෙර, ඊයේ (20) දිනයේ පැවති මාධ්‍ය හමුව පාකිස්ථානය විසින් වර්ජනය කර තිබෙනවා.

ඒ, අනුව පාකිස්ථානය නියෝජනය කරමින් කිසිඳු අයෙක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූයේ නැහැ.

අද පැවැත්වෙන තරගය සඳහා ද දෙරට අතර පැවති පළමු තරගයේ දී තරග තීරක ලෙස කටයුතු කළ ඇන්ඩි පයික්‍රොෆ්ට් පත්කර තිබීම හේතුවෙන්, ඊට විරෝධය පළකිරීමක් ලෙස පාකිස්ථානය නායකයා හෝ වෙනත් අයෙක් ඊයේ පැවති මාධ්‍ය හමුවට එක් නොවූ බවයි විශ්වාස කරන්නේ.

සැප්තැම්බර් 14 වන දින පැවති ඉන්දු – පාකිස්ථාන තරගයට පෙර කාසියේ වාසිය දිනා ගැනීමේදී අතට අත නොදෙන ලෙස පයික්‍රොෆ්ට් නායකයින් වන සූර්යකුමාර් යාදව් සහ සල්මන් අලි ආගාගෙන් ඉල්ලා සිටීමෙන් පසු ඊට පාකිස්ථානයෙන් විරෝධයක් එල්ල වුණා.

ඊයේ (20) පස්වරු 6.00 ට මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඉන්දියාව නියෝජනය කරමින් නායක සූර්යකුමාර් යාදව් සහභාගීව සිටියා.

පාකිස්ථානයෙන් ඊට කිසිවෙකු සහභාගී නොවූ අතර පාකිස්ථාන කණ්ඩායම පස්වරු 6.00 සිට ඩුබායි හි ICC ඇකඩමියේ පැය තුනක් පුහුණුවීම්වල නිරත වී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
7
+1
33
+1
5
+1
4
+1
3
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?